Back to marketplace

04. චලිතය පිළිබඳ නිව්ටන් නියම

No description yet. This curated deck is ready for daily study.

Total cards: 24•Content version: v4•Public deck•Updated: 8/1/2026

Card preview (24)

#1
Front (Question)

බලයේ ‘ක්‍රියා රේඛාව’ මගින් දැක්වෙන්නේ කුමක් ද?

Back (Answer)

යම් ලක්ෂ්‍යක් මත බලයක් ක්‍රියා කරන දිශාව

#2
Front (Question)

නිව්ටන්ගේ පළමුවන නියමය කුමක් ද?

Back (Answer)

“බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තූන් නිශ්චලතාවයේ ම පවතින අතර, චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ”

#3
Front (Question)

නිව්ටන්ගේ දෙවන නියමය කුමක් ද?

Back (Answer)

“වස්තුවක ඇතිවන ත්වරණය, එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝම ව සමානුපාත වන අතර, වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම ව සමානුපාත වේ.”

#4
Front (Question)

නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ රාශීන් වන ත්වරණය, ස්කන්ධය සහ බලය යොදාගෙන සෑදිය හැකි, එහි අගය නියතයකට සමාන වන සූත්‍රය කුමක් ද?

Back (Answer)

F/m/a ඕනෑ ම ස්කන්ධයකින් යුත් වස්තුවකට ඕනෑ ම බලයක් ලබා දී යම් ත්වර්ණයක් ලබා ගත් විට එය ඉහත දකවා ඇති සූත්‍රයේ අගය වන නියතයට සමාන වේ.

#5
Front (Question)

බලය පිළිබඳ ඒකකය අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද?

Back (Answer)

F/m/a සූත්‍රයේ නියතය එකක් වන පරිද්දෙන්, එනම් ඒකක ස්කන්ධයකට (1kg) ඒකක ත්වරණයක් (1ms^-2) ලබා දීමට අවශ්‍ය බලය, නිව්ටන් එකක් (1N) ලෙස. 1kg × 1ms^-2 = 1N

#6
Front (Question)

බලය මනින ඒකකය කුමක් ද?

Back (Answer)

නිව්ටන් (N)

#7
Front (Question)

නිව්ටන්ගේ දෙවන නියමය සූත්‍රය භාවිතයෙන් ලියා දක්වන්න

Back (Answer)

F = ma

#8
Front (Question)

6kg ක වස්තුවකට 33N ක බලයක් යෙදීමෙන් වස්තුවට ලැබෙන ත්වරණය කුමක් ද?

Back (Answer)

33N ÷ 6kg = 5.5 ms^-2

#9
Front (Question)

12N ක බලයක් යෙදීමෙන් 3ms^-2 ක ත්වරණයක් ලබාගන්නා වස්තුවක ස්කන්ධය කොපමණ ද?

Back (Answer)

12N ÷ 3 ms^-2 = 4 kg

#10
Front (Question)

10kg ක් වන වස්තුවකට 5.6ms^-2 ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය කුමක් ද?

Back (Answer)

10kg × 5.5 ms^-2 = 55N

#11
Front (Question)

නිව්ටන්ගේ තුන්වන නියමය කුමක් ද?

Back (Answer)

“සෑම ක්‍රියාවකට ම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත”

#12
Front (Question)

නිව්ටන්ගේ තුන්වන නියමය සඳහා උදාහරණ මොනවා ද?

Back (Answer)

• පිහිනීමේ අත් දෙක මගින් පිටුපසට බලට යෙදීමේ දී ඉදිරියට තල්ලු වීම • රොකට් යානයක් එහි ඉන්ධන දහනය කිරීමෙන් ලබාගන්නා තෙරපුම් බලය පහලට යොමු කර යානයේ බරට වඩා විශාල ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනගා ගත් විට එය ඉහළට එසවීම • ඔරු පැදීම

#13
Front (Question)

ගම්‍යතාව යනු කුමක් ද?

Back (Answer)

චලනය වන වස්තුවක චලිතය නැවැත්වීමට කොතරම් අපහසු ද යන්න පිළිබ‍ඳ මිනුමකි

#14
Front (Question)

වස්තුවක ගම්‍යතාවය (P) අර්ථ දක්වන්නේ කෙසේ ද?

Back (Answer)

ගම්‍යතාවය (P) = ස්කන්ධය (m) × ප්‍රවේගය (v) P = mv

#15
Front (Question)

ගම්‍යතාවයෙහි ඒකකය කුමක් ද?

Back (Answer)

kg ms^-1 P = mass (kg) × velocity (ms^-2) = kg ms^-2

#16
Front (Question)

ගම්‍යතාව දෛශික රාශියක් ද? අදිශ රාශියක් ද?

Back (Answer)

දෛශික රාශියකි

#17
Front (Question)

30kg වන යකඩ බෝලයක් 10 ms^-2 ක ප්‍රවේගයෙන් පහළට පෙරළී යයි. එහි ගම්‍යතාවය කුමක් ද?

Back (Answer)

30kg × 10ms^-2 = 300 kg ms^-2

#18
Front (Question)

ස්කන්ධය 15 kg වන වස්තුවක ගම්‍යතාවය 45 kg වේ නම් එහි ප්‍රවේගය කුමක් ද?

Back (Answer)

3 ms^-1

#19
Front (Question)

ගම්‍යතාව 500 kg ms^-1 වන වස්තුවක ප්‍රවේගය 125 ms^-1 නම් එහි ස්කන්ධය කොපමණ ද?

Back (Answer)

500 kg ms^-1 ÷ 125 ms^-2 = 4 kg

#20
Front (Question)

ස්කන්ධය යනු කුමක් ද?

Back (Answer)

වස්තුවක අඩංගු වන පදාර්ථ ප්‍රමාණය

#21
Front (Question)

ස්කන්ධය මනින ජාත්‍යන්තර ඒකකය කුමක් ද?

Back (Answer)

kg

#22
Front (Question)

වස්තුවක ‘බර’ යනු කුමක් ද?

Back (Answer)

එම වස්තුව පොළොව වෙත ඇද ගන්නා බලය හෙවත් ගුරුත්වාකර්ෂණය නිසා වස්තුව මත යෙදෙන බලයයි

#23
Front (Question)

ගුරුත්ව කේන්ද්‍රය යනු කුමක් ද?

Back (Answer)

වස්තුවක් මත බලය ක්‍රියාත්මක වන ලක්ෂ්‍යය

#24
Front (Question)

වස්තුවක බර සොයා ගත හැකි සූත්‍රය කුමක් ද?

Back (Answer)

බර = ස්කන්ධය (m) × ගුරුත්වජ ත්වරණය (g) බර = mg