Back to marketplace

02. සරල රේඛීය චලිතය

No description yet. This curated deck is ready for daily study.

Total cards: 24•Content version: v4•Public deck•Updated: 8/1/2026

Card preview (24)

#1
Front (Question)

විස්ථාපනය යනු කුමක් ද?

Back (Answer)

• එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදු වන සරල රේඛීය ඈත් වීම

#2
Front (Question)

‘අදිශ රාශි’ යනු කුමක් ද?

Back (Answer)

විශාලත්වයක් පමණක් ඇති/ විශාලත්වය පමණක් ප්‍රකාශ කිරීම සෑහෙන භෞතික රාශි

#3
Front (Question)

‘දෛශික රාශි’ යනු කුමක් ද?

Back (Answer)

රාශියක අගය ප්‍රකාශ කිරීමේ දී බලයෙහි විශාලත්වය සහ දිශාව යන දෙක ම අවශ්‍ය වන රාශි

#4
Front (Question)

අදිශ රාශි සඳහා උදාහරණ මොනවා ද?

Back (Answer)

• දුර • වේගය • කාලය • ස්කන්ධය

#5
Front (Question)

දෛශික රාශි සඳහා උදාහරණ මොනවා ද?

Back (Answer)

• විස්ථාපනය • ප්‍රවේගය • ත්වරණය • බර

#6
Front (Question)

X ලක්ෂ්‍යයේ සිට 200m ක සරල රේඛීය දුරකින්, උතුරෙන් අංශක 60ක් නැගෙනහිර දිශාවෙහි Y ලක්ෂ්‍ය පිහිටා ඇත. X හා Y අතර ඇති විස්ථාපනය ලියන්න.

Back (Answer)

උතුරෙන් 60° ක් නැගෙනහිරට 200m

#7
Front (Question)

‘වේගය’ යනු කුමක් ද?

Back (Answer)

• දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය • ඒකක කාලයක දී වස්තුවක් චලනය වන දුර

#8
Front (Question)

වේගය සොයන සූත්‍රය කුමක් ද?

Back (Answer)

වේගය = දුර / කාලය

#9
Front (Question)

සෑම ඒකක කාලයකට ම සමාන දුරක් ගමන් කරන වස්තුවක වේගය හඳුන්වන නම කුමක් ද?

Back (Answer)

නියත වේගය, ඒකාකාර වේගය

#10
Front (Question)

වේගය මනින ඒකකය කුමක් ද?

Back (Answer)

ms^-1 Meters per second

#11
Front (Question)

මධ්‍යක වේගය හඳුන්වන අනෙක් නම කුමක් ද?

Back (Answer)

සාමාන්‍ය වේගය

#12
Front (Question)

මධ්‍යක වේගය සොයන සූත්‍රය කුමක් ද?

Back (Answer)

මධ්‍යයක වේගය = ගමන් කළ මුළු දුර ÷ ගත වූ මුළු කාලය

#13
Front (Question)

‘ප්‍රවේගය’ යනු කුමක් ද?

Back (Answer)

විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය යි

#14
Front (Question)

ප්‍රවේගය සොයන සූත්‍රය කුමක් ද?

Back (Answer)

ප්‍රවේගය = විස්ථාපනය ÷ කාලය

#15
Front (Question)

විස්ථාපනය ඒකාකාරී ලෙස උත්ක්‍රමණය වන වස්තුවක ප්‍රවේගය පිළිබඳ කුමක් කිව හැකි ද?

Back (Answer)

වස්තුව ඒකාකාරී හෙවත් නියත ප්‍රවේගයකින් චලනය වේ

#16
Front (Question)

නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ලක්ෂණ මොනවා ද?

Back (Answer)

• ප්‍රවේගයේ විශාලත්වය (වේගය) වෙනස් නොවේ • දිශාව වෙනස් නොවේ A change in direction of a moving object, even without a change of it’s speed still affects velocity as it increases total distance to the destination. (Hence, reducing the velocity)

#17
Front (Question)

මධ්‍යක ප්‍රවේගය සොයන සූත්‍රය කුමක් ද?

Back (Answer)

මධ්‍යක ප්‍රවේගය = මුළු විස්ථාපනය ÷ මුළු කාලය

#18
Front (Question)

චලිතයක දෙන ලද කාල අන්තරයක් තුළ දී සිදුවන ප්‍රවේගය ගණනය කිරීමේ සූත්‍රය කුමක් ද? Ex : Find the rate of change in displacement in the first 6 seconds.

Back (Answer)

විස්ථාපන වෙනස ÷ කාලය

#19
Front (Question)

‘ත්වරණය’ යනු කුමක් ද?

Back (Answer)

• ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය • ඒකක කාලයක් තුළ සිදුවන ප්‍රවේග වෙනස

#20
Front (Question)

ත්වරණය දක්වනු ලබන ඒකකය කුමක් ද?

Back (Answer)

තත්පර වර්ගයට මීටර් (ms^-2)

#21
Front (Question)

කාලය සමග ප්‍රවේගය අඩුවීම හෙවත් ‘ඍණ ත්වරණය’ හඳුන්වන නම කුමක් ද?

Back (Answer)

මන්දනය

#22
Front (Question)

විස්ථාපන - කාල ප්‍රස්තාර මගින් නිරූපණය වන්නේ කුමක් ද?

Back (Answer)

කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය සිදු වන අයුරු

#23
Front (Question)

විස්ථාපන - කාල ප්‍රස්ථාරයක x හා y අක්ෂ නම් කරන්න.

Back (Answer)

X axis : time (t) Y axis : diaplacement (d)

#24
Front (Question)

විස්ථාපන - කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මගින් නිරූපණය වන්නේ කුමක් ද?

Back (Answer)

කාල අන්තරයක සිදු වූ විස්ථාපනය හෙවත් ප්‍රවේගයයි