Back to marketplace

05. ප්‍රකාශ විද්‍යාව

No description yet. This curated deck is ready for daily study.

Total cards: 24•Content version: v4•Public deck•Updated: 8/1/2026

Card preview (24)

#1
Front (Question)

ආලෝක කිරණ සමූහයක් හැඳින්වෙන නම කුමක් ද?

Back (Answer)

ආලෝක කදම්බයක්

#2
Front (Question)

පරාවර්තනය යනු කුමක් ද?

Back (Answer)

තල දර්පණයක පෘෂ්ඨය මත පතිත වන ආලෝක කිරණ ආපසු හැරී ගමන් කිරීම

#3
Front (Question)

පතන කෝණය යනු කුමක් ද?

Back (Answer)

අභිලම්බය සහ පතන කිරණය අතර කෝණය

#4
Front (Question)

අභිලම්බය යනු කුමක් ද?

Back (Answer)

පතන ලක්ෂ්‍යයේ දී දර්පණයට අභිලම්බව අඳින ලද මනඃකල්පිත රේඛාව

#5
Front (Question)

පරාවර්තන කෝණය යනු කුමක් ද?

Back (Answer)

පරාවර්තන කිරණය සහ අභිලම්බය අතර රේඛාව

#6
Front (Question)

පතන කෝණය දක්වනු ලබන සංකේතය කුමක් ද?

Back (Answer)

i

#7
Front (Question)

පරාවර්තන කෝණය දක්වනු ලබන සංකේතය කුමක් ද?

Back (Answer)

r

#8
Front (Question)

පරාවර්තන නියම ලියා දක්වන්න

Back (Answer)

• පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් එක ම තලයක පිහිටයි • පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ (i = r)

#9
Front (Question)

තල දර්පණවලින් ලැබෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවා ද?

Back (Answer)

• අතාත්වික ය • වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වේ • පාර්ශ්වික අපවර්තනය වේ • උඩුකුරු ය

#10
Front (Question)

වක්‍ර දර්පණ යනු මොනවා ද?

Back (Answer)

පරාවර්තන පෘෂ්ඨය වක්‍ර ව පිහිටි දර්පණ

#11
Front (Question)

ගෝලීය දර්පණ යනු මොනවා ද?

Back (Answer)

වක්‍ර පෘෂ්ඨය ගෝලයක කොටසක් වන වක්‍ර දර්පණ

#12
Front (Question)

වක්‍ර දර්පණ වර්ග දෙක නම් කරන්න

Back (Answer)

• අවතල දර්පණ • උත්තල දර්පණ

#13
Front (Question)

වක්‍රතා කේන්ද්‍රය යනු කුමක් ද?

Back (Answer)

ගෝලීය දර්පණය අයත්වන ගෝලයේ කේන්ද්‍රය (C)

#14
Front (Question)

වක්‍රතා කේන්ද්‍රය දක්වන සංකේතය කුමක් ද?

Back (Answer)

C

#15
Front (Question)

වක්‍ර දර්පණයක ධ්‍රැවය යනු කුමක් ද?

Back (Answer)

වක්‍ර දර්පණයක විවරයේ හරි මැද ලක්ෂ්‍යය

#16
Front (Question)

වක්‍ර දර්පණයක ධ්‍රැවය දක්වනු ලබන සංකේතය කුමක් ද?

Back (Answer)

P

#17
Front (Question)

වක්‍ර දර්පණයක ප්‍රධාන අක්ෂය යනු කුමක් ද?

Back (Answer)

ධ්‍රැවය සහ වක්‍රතා කේන්ද්‍රය යා කළ විට ලැබෙන රේඛාව

#18
Front (Question)

ගෝලීය දර්පණයක නාභිය යනු කුමක් ද

Back (Answer)

ගෝලීය දර්පණයේ මධ්‍ය ලක්ෂ්‍යයට සමාන්තර ව එන ආලෝක කිරණ නාභිගත වන ස්ථානය ධ්‍රැවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට ඇති දුරෙන් භාගයකි

#19
Front (Question)

නාභීය දුර යනු කුමක් ද?

Back (Answer)

ධ්‍රැවයත් නාභියත් අතර ඇති දුර

#20
Front (Question)

නාභීය දුර දක්වනු ලබන සංකේතය කුමක් ද?

Back (Answer)

f

#21
Front (Question)

වක්‍රතා අරය යනු කුමක් ද?

Back (Answer)

ධ්‍රැවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට ඇති දුර

#22
Front (Question)

වක්‍රතා අරය දක්වනු ලබන සංකේතය කුමක් ද?

Back (Answer)

r

#23
Front (Question)

අවතල දර්පණවලින් සිදුවන පරාවර්තනය ලියන්න

Back (Answer)

• ප්‍රධාන අක්ෂය දිගේ පැමිණෙන කිරණ පරාවර්තනය වී එම අක්ෂය දිගේ ම ගමන් කරයි • ප්‍රධාන අක්ෂයට සමාන්තර ව පැමිණෙන කිරණ පරාවර්තනය වී නාභිය හරහා යයි • නාභිය හරහා පැමිණෙන කිරණ පරාවර්තනය වී ප්‍රධාන අක්ෂයට සමාන්තර ව ගමන් කරයි • වක්‍රතා කේන්ද්‍රය හරහා පැමිණෙන කිරණ ඒ හරහා ම පරාවර්තනය වී යයි • ප්‍රධාන අක්ෂයට යම් කෝණයකින් ආනත ව ධ්‍රැවය වෙත පැමිණෙන කිරණ එම කෝණයට සමාන කෝණයකින් යුතු ව පරාවර්තනය වේ i=r

#24
Front (Question)

අවතල දර්පණයක නාභිය හා දර්පණය අතර වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?

Back (Answer)

• අතාත්වික ය • උඩුකුරු ය • වස්තුවට වඩා විශාල ය (රැවුල කැපීමේ දී මුහුණ බැලීම සඳහා යොදා ගනියි)