Back to marketplace

09. තාපය

No description yet. This curated deck is ready for daily study.

Total cards: 24•Content version: v4•Public deck•Updated: 8/1/2026

Card preview (24)

#1
Front (Question)

උෂ්ණත්වය යනු කුමක් ද?

Back (Answer)

වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමකි

#2
Front (Question)

උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා උපකරමැය කුමක් ද?

Back (Answer)

උෂ්ණත්වමානය

#3
Front (Question)

ලොව මුල් ම උෂ්ණත්වමානය නිපදවූයේ කවු ද?

Back (Answer)

ක්‍රි. ව. 1600 දී පමණ ගැලීලියෝ ගැලීලි විසින්

#4
Front (Question)

දැනට භාවිත වන විවිධ උෂ්මත්වමාන වර්ග මොනවා ද?

Back (Answer)

• වීදුරු - රසදිය උෂ්ණත්වමානය • වීදුරු - මධ්‍යසාර උෂ්ණත්වමානය • සංඛ්‍යාංක උෂ්ණත්වමානය

#5
Front (Question)

වීදුරු - රසදිය උෂ්ණත්වමානයක කොටස් මොනවා ද?

Back (Answer)

• රසදිය අඩංගු බල්බය • කේශික සිදුරක් සහිත වීදුරු කඳ

#6
Front (Question)

උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස රසදිය භාවිත වීමට හේතු මොනවා ද?

Back (Answer)

• ප්‍රසාරණය පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒකාකාරී වීම • හොඳින් තාපය සන්නයනය කිරීම • පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ද්‍රවයක් ලෙස පැවතීම

#7
Front (Question)

රසදිය ද්‍රවයක් ලෙස පවතින උෂ්ණත්ව පරාසය කොපමණ ද?

Back (Answer)

-39°C සිට 357°C දක්වා

#8
Front (Question)

වීදුරු - මධ්‍යසාර උෂ්ණත්වමානයක භාවිත වන උෂ්ණත්වමාන ද්‍රවය කුමක් ද?

Back (Answer)

එතිල් (එතනෝල්)

#9
Front (Question)

මද්‍යසාර උෂ්ණත්වමානයකින් මැනිය හැකි උෂ්ණත්ව පරාසය කොපමණ ද?

Back (Answer)

-115°C සිට 100°C දක්වා

#10
Front (Question)

එතිල් මද්‍යසාරයේ ද්‍රවාංකය කොපමණ ද?

Back (Answer)

-115°C

#11
Front (Question)

මද්‍යසාර උෂ්ණත්වමාන යෝග්‍ය වන්නේ කවර උෂ්ණත්ව මැනීම සඳහා ද?

Back (Answer)

සෙල්සියස් අංශක 0 ට අඩු උෂ්ණත්ව මැනීම සඳහා

#12
Front (Question)

එතනෝල් උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස භාවිතයට ගැනීම සඳහා හේතු මොනවා ද?

Back (Answer)

• ද්‍රවාංකය ඉතා පහළ අගයක් (-115°C) ගැනීම නිසා සෙල්සියස් ඍණ අගයක් ගන්නා උෂ්ණත්ව මැනීමට යෝග්‍ය වීම • අනෙක් ද්‍රවවලට සාපේක්ෂ ව ප්‍රසාරණය වැඩි වීම • ප්‍රසාරණය, උෂ්ණත්වය සමග ඒකාකාරී වීම

#13
Front (Question)

සංඛ්‍යාංක උෂ්ණත්වමානයක උෂ්ණත්වය මැනීම සඳහා භාවිත වන ගුණය කුමක් ද?

Back (Answer)

ප්‍රතිරෝධය වැනි උෂ්ණත්වය මත රඳා පවතින විද්‍යුත් ගුණයක්

#14
Front (Question)

වර්තමානයේ භාවිත වන උෂ්ණත්ව පරිමාණ මොනවා ද?

Back (Answer)

• සෙල්සියස් පරිමාණය • ෆැරන්හයිට් පරිමාණය • කෙල්වින් පරිමාණය

#15
Front (Question)

සෙල්සියස් පරිමාණය සාදා ඇත්තේ කෙසේ ද?

Back (Answer)

1 atm පීඩනය යටතේ සංශුද්ධ අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය ශුන්‍ය ලෙසත්, ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වය 100°C ලෙසටත් ගැනීමෙන්

#16
Front (Question)

සෙල්සියස් පරිමාණය සඳහා ජලය අයිස් වන උෂ්ණත්වය හා හුමාලය වන උෂ්ණත්වය තෝරාගෙන ඇත්තේ ඇයි?

Back (Answer)

• පහසුවෙන් ලබා ගත හැකි උෂ්ණත්ව දෙකක් වීම • පීඩනයේ සිදුවම වෙනස්කම් හැරුණු විට වෙනස් නොවන උෂ්ණත්ව වීම

#17
Front (Question)

උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගැනීම සඳහා භාවිත කරන වෙනස් නොවන උෂ්ණත්ව හැඳින්වෙන නම කුමක් ද?

Back (Answer)

අචල ලක්ෂ්‍ය

#18
Front (Question)

ෆැරන්හයිට් පරිමාණය සාදා ඇත්තේ කෙසේ ද?

Back (Answer)

සංශුද්ධ ජලය අයිස්වන උෂ්ණත්වය 32°F ලෙසත්, හුමාලය වන උෂ්ණත්වය 212°F ලෙසත් ගෙන අචල ලක්ෂ්‍ය දෙක අතර පරාසය කොටස් 180 කට බෙදීමෙන්

#19
Front (Question)

කෙල්වින් පරිමාණය සකස් කළේ කවු ද?

Back (Answer)

කෙල්වින් සාමිවරයා

#20
Front (Question)

යම් වස්තුවකට තිබිය හැකි අවම උෂ්ණත්වයක් පවතින බව සොයා ගත්තේ කවු ද?

Back (Answer)

කෙල්වින් සාමිවරයා

#21
Front (Question)

යම් වස්තුවක උෂ්ණත්වයට තිබිය හැකි අවම අගය හඳුන්වන නම කුමක් ද?

Back (Answer)

නිරපේක්ෂ ශුන්‍යය

#22
Front (Question)

නිරපේක්ෂ ශුන්‍යය සෙල්සියස් පරිමාණයෙන් කොපමණ අගයක් ගනී ද?

Back (Answer)

-273.15°C

#23
Front (Question)

කෙල්වින් පරිමාණය සාදා ඇත්තේ කෙසේ ද?

Back (Answer)

නිරපේක්ෂ ශුන්‍යයේ උෂ්ණත්වය 0°K ලෙසත්, 1°K ක උෂ්ණත්ව පරාසයක් 1°C ට සමාන වන ලෙසත්

#24
Front (Question)

උෂ්ණත්වය මැනීමේ ජාත්‍යන්තර ඒකකය කුමක් ද?

Back (Answer)

කෙල්වින් K